Total Pageviews

Sunday, January 16, 2022

ඈද ඔබම විය.. ♡

 


💓


පෙර දිනයක ඔබ හා මා,

දුවපැන සෙල්ලම් කල

මේ බිම අද 

ඔබහට  නුහුරුද?

රතු පැහැති බොහෝ උස් වූ,

මාදිලියේ පාවහන්

පැළඳ සිටින්නේ ඔබ අද

නොවෙනස් වූ ඒ බිමෙහි,

මා සිතූ දෙය 

නිවරදි ලෙසිනි.

මැටි බිත්තියට

 වාරු වී එදා,

ගවුම් පොඩි මැසූ ඒ,

කුරුම්බැට්ටි මැෂිමය

එදා මෙන් අද 

කැඩී ගොස් ඇති බව 

සිහිවන්නේ මා හට,

දණහිසෙන් බොහෝ 

උස් වූ,

ගවුම් පොඩි දැකීමෙනි.

එදා මහ ඝන කැළෑවේ,

තිබූ මාදං කෑ ලෙසින් 

අද

ඔබ දෙතොල 

පැහැ වී තිබෙන්නේ,

එදා මතකය

 අවදි කරමින්.

අතේ ඇඟිලිද, 

කකුලේ ඇඟිලිද,

කිමෙද රත් පැහැ 

ගැන්ව ඇත්තේ,

මා නොදන්නා 

තවත් 

රහසක්ද එය.

එදා මෙන් ඔබ

 අද

මා ඉදිරියේ පෑව සිනහව,

පමණක්ම ඔබහට, 

ඉතිරි වී ඇත

 පොඩ්ඩියේ..

නොවෙනස්ව ඇත්තේ, 

මගේ මතකය

 පමණක්ද?

පොඩ්ඩියේ,

 මේ ඔබම විය යුතුයි,

මා සිතෙහි 

මතු වූ රුවෙහි සිටි

ඈද

 ඔබම විය.


                                                                   ♡♡ශෂී♡♡✍💗

2 comments:

තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...