Total Pageviews

Wednesday, November 24, 2021

කිමෙද මෙතරම් නිහඬ රාත්‍රිය ..

 


                                                                           💖


එක්ව හිඳ උන්නත් ගල්තලාවේ,

සිතේ තරහව නැත පහව ගියේ

දෙදෙන අප පමණක්ම නොම මෙහි,

අවට පරිසරයද නිහඬ වූයේ,

වැරදිකරුවන් සේය ඔවුනුත්

ඇල්ලුවේ අතකින් පමණ මුදු,

දැනුණි එය හදවතට පෙර සේ

සඳුද හිනැහී විමසන්නේ අපගෙන්,

කිමෙද හේතුව නිහඩ වීමට

එයම ඇසුමුත් හදවතෙන් මගේ,

සෙවීමට හැකි නොවුනි පිළිතුර

බැලුව මුත් ඇගේ දෑස් දෙස මා,

නොවුනි එහි තරහවක් පෙර සේ

සිතුනි සිපගන්නට ඇයගේ දෙකොපුල්,

නමුත් නිහඬය තාම පෙර සේ

බලා සිටියෙමි දෑස් දෙස ඇගේ , 

ලැබෙන තුරු අවසරය මා හට

සිනාසුණි ඇය පෙර නොවූ ලෙස,

අවධි කරමින් ඇගේ කටහඬ

තුරුළු විය මා වෙතට හිනැහී,

බිදී ගොස් ඇත නිහඬතාවය

කිමෙද සුන්දර අහස මෙතරම්,

වහන් වූ මුත් සඳුද අහසේ.....


                                                                            ♡♡ශෂී♡♡✍



Monday, November 15, 2021

සරසවි සිහිනය..♡





💝

සරසවි මෑණියනි.,

ඔබ තුරුලට 

පිවිසෙන්න.

මෙතරම් බාධා කිමෙද, 

අපහට එල්ලවන.

ඩිඡිටල් ලොවකි 

අප 

වටකර කඩුළු බැදී.,

ආගන්තුක බවකි  

හැගුණේ  මට

එහි 

තිරය මතින්,

ව්‍යාඡ සිනහවකි

පෑවේ එහි සැමදෙනම.

මේ ආකාරයෙන්

ලියවුනේ ඡීවිතයේ 

හැරවුමකි.

නෙක ආශාවන් 

ඇත පොදි බැද 

සරසවිය ගැන

පවසනු මිතුර.,

කෙදිනක හැකිවෙද,

 අපහට 

සරසවි මෑණියන් තුරුලට 

ඉගිලෙන්න.


                                                                ♡♡ශෂී♡♡✍

Sunday, November 14, 2021

ඒ ලේවල් කාලේ හිතට දැනුණු දවසක්.....

 


             නාට්‍ය ක්ලාස් එක හතර හමාරට ඉවර වන බව දන්නා මම අද පාඩම ටිකක් බෝරින් නිසා හැමදාම සර්ට කියන බොරුව, හදිස්සියට ඉරාගත් කොළ කෑල්ලේ ලියන්නට පටන් ගතිමි.මා ලියා අවසන් වු පසු දෙකට තුනට හතරට පහට නවා කිසිවක් නොදන්නා  ගානට සිට විනාඩි පහකට පමණ පසු ඉදිරි පෙළෙහි සිටි පොකුටු කොණ්ඩයක් සහිත ප‍ොෂ් විදිහට ක්ලාස් එකේ ඉන්න‍ නමින් ෂෙරින් නම් වූ ගමේ කෑල්ලට පිටට තට්ටු කර,

                     'මේක යවන්නලු ඔන්න  සර්ට..' 😌😌

යනුවෙන් පවසා පිටි පස්සෙන් ආ චිට් එකක් ලෙස මා රංගනයේ යෙදිනි. ඒ ආකාරයෙන් රංගනයේ යෙදීම පිළිබද මා කණගාටු නොවුයේ මෙය නාට්‍ය ක්ලාස් එකක් වූ බැවින් හා දැනුමට අමතරව අප මෙහිදී ප්රැක්ටිකල් එක පිළිබදව ද අවධානය යොමු කිරීම වැදගත් වූ බැවිනි. 😁හෙමින් සීරුවේ නෝට් ලිව්වද මගේ අවධානය රැදුනේ සුකුමාල අත් මතින් ඉදිරියට ඇදෙන චිට් එක පිලිබදවය. සැණෙකින් මට මෙසේ සිතුණි.   

   "චිට් එක මම වුණානම්.."😀 'එහෙනම් අද ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා.😇😌 

එය මතක් වී කට කොණින් සිනාවක් මතු වූ නමුත් එම සිනාව යටපත්ව ගියේ මා යැවූ චිට් එක නාට්‍ය සර්ගේ අතේ තියෙන බව දැකීමෙනි. සැණෙකින් මා පාඩමේ මුල සිටම දැඩි අවධානයෙන් අසා සිටි අයෙකු මෙන් සර් ලබා දී ඇති නෝට් එක දෙස බලමින් එහි කරුණු වටහා ගැනීමට උත්සහ කල නමුත් පපුව දෙසින් ඇසෙන ලබ්-ඩබ් ලබ්-ඩබ්  ශබ්දය මට ඒ සදහා ඉඩ ලබා නොදුනි. ගත වූයේ විනාඩියකි. ඇස් හතරකින් බලමින්, චිට් එක තිබූ ආකාරයට නවමින් සිටි නාට්‍ය සර් සිනාවක් පෑවේය. ඔහුගේ එම සිනාව මා තුල තිබූ බිය තවත් දැඩි කළේය. 😳 

"අදනම් ඉවරයි පුතෝ..." 😂😈

මගේ යටි සිත මට අත්පුඩි ගසමින් සිනාසෙයි.   

                'අදනම් ඉවරයි වගේ තමා.. සර් දැකලද කොහෙද මං කලින් ක්ලාස් එකෙන්                          ගිහින් ටවුන් එකේ ඉන්නවා.'😥

 මා සිත එක්තැන් කර ගැනීමට දැඩිව උත්සහ කල නමුත් නළල මැද්දෙන් වැටෙන දහඩිය බිදු පොතේ අකුරු බොද කරයි. මාද බොද වී යන්නාක් සේ මට හැගෙයි. මන්ද යත් ළමයි හාරසියක් පන්සියක් මැද්දේ මා හිටගස්සවා මගේ කල්කිරියාව කියන ආකාරය සිතුවමක් සේ පොතේ පිටු අතරේ මැවෙයි..දැඩි නිශ්ශබ්දතාවය බිද දමමින් සර් කටහඩ අවදි කළේය. 

👀"හවසට බස් වල ප්‍රශ්න හින්දා ළමයි කලින් ගියාටනම් කමක් නෑ. මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. නැත්තම් උඔලා මෙතන තියාගෙන ඉදලා බස් නැති වුනාම මම ගිහින් ඇරලවන්නයෑ.. ඒත් මෙහෙම චිට් එකක් එවනකොට මං ගැනත් හිතපල්ලා. විනාඩි පහක් විතර ගියා මට මේක දිග ඇරගන්න..." 😒😂

ක්ලාස් එකේ හැමෝම කොක් හඩලා සිනාසුණ අතර මාද සැබවින්ම ඔවුන්ගේ සිනාවට හවුල් වූයේ අන්කිසිවක් නිසා නොව මීට තප්පර කිහිපයකට පෙර මා සිටි මනෝ ලෝකය ගැන සිහි වීමෙනි. අවසරය ලද සැණින් පසුපසින් බංකු එහාට මෙහාට කරන ශබ්දයෙන් මගේ සිත තවත් සිනාසෙන්නට කියයි. මාද හෙමින් සීරුවේ නැගිට ක්ලාස් එකෙන් පිට විය. පඩිපෙල බැස අවසාන පඩියට කකුල තියන විට කූඩුවෙන් නිදහස් වූ කුරුල්ලකු මෙන් සතුටක් දැනුණි. මන්ද යත් අද ලෙසන් එක වූ  ග්‍රීක නාට්‍ය කලාව  අන්ඡබකල් පාඩමක් වූ බැවිනි.ටවුන් එකට පැමිණි මා තවත් පැයක් සිටිය යුතු විය.  බස් හෝල්ට් එකේ බාග බිත්තියට හේත්තු වී මා වටපිට බලමින් ටික වෙිලාවක් සිටි අතර ෆොන් එක කලිසම් සාක්කුවෙන් ඇද එහි උඩටත් පහලටත් යමින් එදෙස බලා සිටියෙමි.📱 ගත වූයේ නිමේෂයකි. ෆොන් එක ඔබමින් මනෝ ලෝකයක සිටි මා දෑස ඉන් ඉවතට ගෙන වටපිට බැලුවේ කවුරුන් හෝ මට බලන්නට කියන්නාක් මෙන් සිතුනු නිසාය. 👀ඔලුව උස්සා බැලූ මා නතර වූයේ මා දෙසට දෑස් දල්වා සිටි අහිංසක දෑසක් ළගය.මා බලන විට බිම බලාගත් ඇය යෙහෙළියන් සමග උකුළු මුකුළු කරමින් සිනාසෙයි. ඇය අහක බලාගත් සැණින් මා ඇය දෙස විපරමින් බැලුවෙමි. මාගේ සිත පලමුව සොරා ගත්තේ ඇගේ කොණ්ඩයයි.😍 චාම්ව ගොතා තිබූ ඇගේ කොණ්ඩය දණහිසෙන් පහළට එල්ලා වැටෙයි. ඇගේ අහිංසක හිනාවට මෙන්ම මා දෙස බලන හොර බැල්මට මා ආශා කළෙමි. වරින් වර ඈ මදෙස බලා සිනාසෙයි. වෙීලෙමින් තිබූ පොළොවට සිහින් වැසි පොදත් අගනා සේ මගේ සිතෙහි අමුතු හැගීමක් උඩපනිමින් දගලයි. මේ වෙලාවේ මගේ සිතේ ගීයක් ගැයෙන්නා සේ හැගෙයි. 😎        

💥"අපටත් දවසක ඉර පායනවා..... ටර ටර ටටර ටරා රා..."🕺🕺   

ඇය සිටගෙන සිටි තැනින් ඉදිරියට පැමිණෙන්නේ මන්දැයි බැලූ මා දුටුවේ මා මෙතෙක් වෙලා බලා සිටි බසය පැමිණෙන ආකාරයයි. ඒ තුලින් මගේ හිතේ තිබූ සතුට දෙගුණ තෙගුණ විය. මන්ද යත් ඇයත් ගමන් කරන්නේ මා ගමන් ගන්නා බසයේම යන වග දැන ගැනීමෙනි. මාද ඇය අසලින්ම ගොස් සිට ගත් අතර ඇය සමග වචනයක් කතා කිරීමට ආශා කල මා කට අරින්නට සැරසුණු මොහොතේම, 'හිගන්නගේ පාත්තරේට.......... වගේ' කොන්දොස්තරකාරයා..,

                 'දඔුල්ල.. මාතලේ..... දඔුල්ල.. මාතලේ..' 😒😑

යනුවෙන් බෙරිහන් දුන්නේය.. මා තුළ වූ කෝපයත් සමග හැරී ඔරවා බැලූ  මා හටද ඔහු පැවසුවේ.., 

                "මල්ලී පිටිපස්සටම යමු ඈ නැගලා.." 

යනුවෙනි.  

                    'තොගේ.....බ්ලා බ්ලා බ්ලා'😒😀 

යනුවෙන් කියවුණු වාග් මාලාව සිත පමණක් දන්නා බැවින් මා කලබල විය යුතු නැත.  සියල්ලන්ම බස්රථයට ගොඩ වූ අතර මාද බසයට ගොඩ වී අස්සක් මුල්ලක් නෑර සෙව්වේ මීට තත්පර කිහිපයකට පෙර මා අසලින් සිටගෙන සිටි ඇගේ රූපයයි. තට්ටු හැත්තෑපහක පමණ උස ගොඩ නැගිල්ලක සිට බිමට පත බෑවුණා සේ හැගීමක් මා තුල ඇති වූයේ දෙකේ ශීට් එකක මා සෙවූ ඇගේ රූපය කපුටු කූඩුවක් මෙන් කොණ්ඩයක් ඇති ඒ කොණ්ඩයද උඩට කර හීනියට ගැට ගසා ඇති අත් පුරා බිතුසිතුවම් සේ ටැටූ විහිදුණු කැහැට්ටෙක් සමග සිටිනු දැකීමෙනි.මේ හැඩරුව මා හට හුරුපුරුදු බවක් දැණුනු හෙයින් මා ආපස්සට මගේ මතකය අවදි කළෙමි.      

💣'හරිනේ යකෝ.... එතකොට මේකී මං දිහා නෙවෙයිද බැලුවේ...'😏

මා බස් හෝල්ට් එකට පැමිණෙන විට මා සිටගත් බාග බිත්තියට එහායින් මේ කොණ්ඩයා සිටි බව මතක් වූයේ එවිටය.  මා හට නොදැනුවත්වම මා තුළින් සුසුමක් පිට වූ අතර මා සතුටු වූයේ කොන්දොස්තර අයියාගේ නොහිතා කරන ලද උදව්ව නිසා මා ගුටි කෑමෙන් හෝ බේරුණු එක ගැනය. එසේ නොවුනා නම් මා මේ වෙලාවේ මෙතන සිටගෙන සිටිනවාට වඩා වෙනස් ඉරණමක් මට අත්වන්නට ඉඩ තිබූ හෙයිනි. කොන්දොස්තර අයියාට මා සිතින් ස්තූති කර මා මගේ සුපුරුදු ඡොබ් එක පටන් ගතිමි. එනම් මා නැගි බස් රථය පසුකර ඉදිරියට ගමන් ගන්නා වාහන ගණන් කිරීමයි..😎  

 එකයි..දෙකයි... 💪💪🚙


                                                                        ♡♡ශෂී♡♡✍

Friday, November 5, 2021

නික්ම යාම...

 


ග‍ොළුව‍ෙකුය ඔබ 

අද.

හැරී නොබලයි

 මද‍ෙස.

සැවොම නරඔන 

නුඔ‍ෙි දේහය 

ඇයිද මේ, 

සුදුවතින් සැරසී.

කතා න‍ොකලට

 වෙනදා ම‍ෙන් ඔබ

සිනහවක් පෑ හැකිද,

 මා වෙත.

පියාගත් දෑස 

ඔබග‍ේ,

මතක් කරලයි 

අපගේ මතකය.

කිමෙද මා කල වරද මෙතරම්,

 මදෙස නොබලන 

සොයුරියේ. 

අලුත් ලොවකට පිය නගන්න‍ෙ,

හැකිද යන්නට

 තනිව ඔබහට.

ඇයිද ම‍ෙතරම් දැඩි වුනේ ඔබ, 

පුංචි හුරතල් නංගියේ.

හැරී එන්නට බැරිද ඔබහට, 

වෙනදා මෙන් 

මාවත දිග‍ේ.

යා යුතුම 

ගමනක්නම්,

හිත හදලා පලයන් 

අම්මග‍ේ.


                                                            ♡♡ශෂී♡♡✍

අමාවක සඳ ♡






ස‍ොදුර.,
නොඑන බව දැන දැනම 
ඔබහට,
අත වනන්නේ  කිම‍ෙද
නොදනිමි.
දිලි දිලී නිවෙන තරු දැක,
ඔච්චමට ම‍ෙන් සිනාසුණි
නුඔ මට.
එදා තනියට සිටිය ඔබ 
අද,
තව‍ෙකුගේ තනියට ගොස් ය
ය‍ෙහ‍ෙළිය.
මතක අස්සේ ගුලිව‍ෙලා
මා,
කිමෙක් පවසනු ද 
ඔබහට.
‍න‍ොවැටහ‍ෙමි මා හට
යෙහෙළිය.
නමුත් යාමට 
ඉඩ හැරිය යුතුය
ඔබහට.
මෙතැන් සිට මා හුරුවිය යුතුය
අදුරට.

                                                                ♡♡ශෂී♡♡✍


තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...