Total Pageviews

Sunday, January 16, 2022

කැඩපත ♡

 



හැකිද ඉවසන්න,

මේ කරනා 

කැටයම්..

විටෙක බලමින්

සිනාසෙන අතර,

විටෙක බලමින්

ඉකිගසනු ඇත.

නිහඬව සිටීමට

 හැකිද 

මේ සියල්ල 

දරාගෙන..

මල්වර යෞවනිය.

දුව එන්නේ 

ඔබ වෙතට..

ඇය හැඬවනු බලා

සිටින්නේ, 

ඔබ සතුටින්ය..

ඔබ ඉදිරියට 

පැමිණෙන අය

සතුටින් භාරගෙන,

ඉඩහරින්නේ 

ඔවුනට රිසි සේ 

රඟන්නට

ඔබ ඉදිරියට එන අප 

වයසට යයි 

 දින දිනම..

හැකිනම්, 

දෙන්නට සවන් ,

පවසයි බොහෝ දේ 

 ඔබහට..


                                                                    ♡♡ශෂී♡♡✍




3 comments:

තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...